අපේ මිනිස්සුන්ගෙ ජාතික සෙල්ලම තමයි තරාදි සෙල්ලම.
කරල තියෙනවද?
එක පැත්තකට දානව කාගෙ හරි වැරදි.
අනෙක් පැත්තට දානව එයාලා කැමති කෙනාගෙ වැරදි.
ඊට පස්සෙ කට ඇරගෙන බලාගෙන ඉන්නව.
එයාලා කැමති කෙනාගෙ බර අඩු නම් ජොලි.
හදිසියෙ හරි වැඩි උණොත් අවුල්.
එතකොට මතක් කරල කරල අනෙක් පැත්තට තව වැරැද්දක් හොයල දානව.
එයාලා කැමති කෙනා උඩ යනකම්ම ඕක කර කර පැද්දෙන තරාදිය දිහා බලාගෙන ඉන්නව.
ඒක හරිම ආතල්!
කරල නැත්තං කරල බලන්න!
කරේ නැතත් බලාගෙන ඉන්න එක උනත් වෙනම ආතල් එකක්!
Showing posts with label හිතන්න. Show all posts
Showing posts with label හිතන්න. Show all posts
2020/05/22
ඒ වගේම ඔබේ දරුවාට ගීසා හි පිරමීඩ, චීන මහා ප්‍රාකාරය, ටජ් මහල ආදී දේවල්ද පෙන්වන්න. ඒ ඒ ශිෂ්ටාචාරවල ශ්‍රේෂ්ටත්වයත් කියා දෙන්න.
ශ්‍රේෂ්ට පුද්ගලයන් ඉතිහාසය පුරා, ලෝකයේ සෑම තැනකම සිටි බව කියාදෙන්න.
ඔවුන්ට එකසේ ගරු කරන්නට කියා දෙන්න.
ශ්‍රේෂ්ටත්වය උපතින්, ජාතියෙන්, ආගමෙන් නොලැබෙන බව කියා දෙන්න.
ශ්‍රේෂ්ට පුද්ගලයෙක් වෙන්නේ වැඩ කිරීමෙන් මිස පුරසාරම් දෙඩීමෙන් නොවන බව කියා දෙන්න.
මිනිස්සු
ජීවිතේ ඇදගෙන යන්න තවත් බෑ හිතුනම වතුරට පනින්නෙත් මිනිස්සු.
ජීවිතේ තව ටිකක් ඇදගෙන යන්න හිතල කීයක් හරි හොයාගෙන්න ඇඳිරී නිතිය අස්සෙ මැරෙනකං හරි තෙරපෙන්නෙත් මිනිස්සු.
2020/05/20
බලු බෙටි.
අපි පාරේ යනකොට ඕනෙතරම් බල්ලො දකිනව බෙටි දාන. අපි ඒවා දිහා බලන් ඉඳලා දාපු විදිහ, හිටපු ඈන්ගල් එක, බෙට්ටේ දිග පළල, ගණකම වගේ දේවල් විශ්ලේශනය කරන්නෙ නෑනෙ?
ඕක කවුරු හරි වීඩියෝ කරල ප්‍රවෘත්ති වලට පෙන්නුවොත් නම් සමහරු ඕක විශ්ලේශනය කරයි. ඇයි මේක පෙන්නුවේ. ඇයි මේ චැනල් එකේ. ඇයි කලු බල්ලෙක්ව පෙන්නුවේ. ඇයි ඇල්සේශන් එකෙක්ව දැම්මෙ නැත්තෙ වගේ දේවල්. තවත් සමහරු කැමරා කරපු ඈන්ගල් එක, ආලෝකකරණය වගේ ඒවා බලයි. තවත් සමහරු බලු බෙටි සංසද හදයි. සිංදු හදයි. බලු බෙටි විරෝධී සංගම් හදයි, බෙටි දාන බල්ලොන්ට වෙඩි තියන්න උනත් බැරි නෑ.
කොටින්ම මාධ්‍යයට පුලුවන් බල්ලෙක් බෙට්ටක් දාන එකත් ට්රෙන්ඩිං මාතෘකාවක් කරන්න.හැබැයි ටීවී එකේ ගිය පළියට ඔබ ඊළඟ දවසේ ඉඳං බල්ලො බෙටි දාන හැටි බල බල ඉන්නවනම්, අන්න ඒක ඔබේ ප්‍රශ්නයක්.
ඉස්පිරිතාල වල අපිට ඉඳහිට හම්බෙනව තමන් බුදුවෙලා, රහත් වෙලා, දෙවියෙක් කියල හිතන රෝගීන්. ඔවුන්ට ප්‍රතිකාර කරනවා මිසක් ගෙදර ඇවිත් අයියෝ බුද්ධ සාසනේ ඉවරයි කියල අඬන්න ඕනෙ නෑ කියල අපි දන්නවා.
ඒ වගේ අයව ප්‍රවෘත්ති වලට පෙන්නුවත් අපි අවබෝධ කරගන්න ඕනෙ ඔවුන් ප්‍රතිකාර ගත යුතු රෝගීන් කොටසක් කියන එක විතරයි.
ඔවුන්ට අනුකම්පා කරන්න.
කුණු අවුස්සන මාධ්‍ය-කපුටන්ට විරුද්ධ වෙන්න.
යුද්ධය පැවතුණේ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර මිස, දමිළ මිනිසුන් හා සිංහල මිනිසුන් අතර නොවන බව උතුරේ සිටින ඔබේ දරුවන්ටත්, දකුණේ සිටින අපේ දරුවන්ටත් අද, අනිවාර්යයෙන්ම කියලා දෙන්න.
![]() |
සිංහල අපේ දරුවන් දමිළ ඔබේ දරුවන්ට ද, දමිළ ඔබේ දරුවන් සිංහල අපේ දරුවන්ටද ආදරය කළ යුතු බව කියලා දෙන්න. අපි හැමෝම ඥාතීන් බව කියලා දෙන්න.
ඔබ, අප අත්දුටු යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස ඔබේත් මගේත් හිත් කොනක හිර වෙලා තියෙන කඳුලු, ද්වේශය, අමිහිරි මතකයන් අපේ පරම්පරාවෙන් ඔබ්බට, අපේ දරුවන්ගේ හිත් තුලට නොයන ලෙස වගබලාගන්න.
දරුවන්ගේ හිත්තුල ආදරය විතරක්ම වපුරන්න, කෙදිනක හෝ සාමයම විතරක් පල දරන්න.
සිංහල, දමිල හෝ මුස්ලිම් විතරක් නෙමෙයි, අඩු තරමේ ශ්‍රී ලාංකික කියලවත් ලේබලයක් නැති මේ අනන්ත විශ්වයේ වැලි කැටයකටත් වඩා පුංචි මේ මිහිතලයේ වෙසෙන, ජීවී, අජීවී හැම දෙයකටම, මුලු විශ්වයටම ආදරය කරන මිනිසෙක් ලෙස ඔබේ දරුවාව ලොකු මහත් කරන්න.
Subscribe to:
Posts (Atom)
ශිෂ්‍ය විප්ලව.
පාලකයින් විසින් ශිෂ් යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය. එසේම, ජ් යේෂ්ට ශිෂ් යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ් යයන්ගේ නිදහස් චින...
-
ජීවිතේ ඇදගෙන යන්න තවත් බෑ හිතුනම වතුරට පනින්නෙත් මිනිස්සු. ජීවිතේ තව ටිකක් ඇදගෙන යන්න හිතල කීයක් හරි හොයාගෙන්න ඇඳිරී නිතිය අස්සෙ මැරෙ...
-
අපේ මිනිස්සුන්ගෙ ජාතික සෙල්ලම තමයි තරාදි සෙල්ලම. කරල තියෙනවද? එක පැත්තකට දානව කාගෙ හරි වැරදි. අනෙක් පැත්තට දානව එයාලා කැමති කෙනාගෙ වැරදි. ඊට...


