2020/06/08

ශිෂ්‍ය විප්ලව.

පාලකයින් විසින් ශිෂ්යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය.
The Children of the Revolution - Quillette

එසේම, ජ්යේෂ්ට ශිෂ්යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ්යයන්ගේ නිදහස් චින්තනය මර්දනය කිරීමට ඊටත් වඩා එරෙහි විය යුතුය.
ඇතිවිය යුත්තේ නිදහස් චින්තන විප්ලවයක් මිස දක්ෂණවාදී හෝ වාමවාදී ලේබල් සහිත විප්ලවයක් නොවේ.

2020/05/25

සටන් විරාමය?

පිංතූරය - කාංචන කුමාර ආරියදාස
ලංකාදීප පුවත්පත
අහිංසක සත්තු ටික
ලෝකෙ උන්ගෙත් නේද?  
හිතකින්ද වෙඩි තිබ්බෙ?
මුන් නම් නොමිනිස්සු.

විනාසයි මුලු කුඹුර
නෑ කොටුවෙ එළවලුත් 
බඩගින්නෙ පොඩි උන් 
වෙන මොනා කරන්නද?

යුද්දෙකට දෙපැත්තයි
පොර බදී දෙපැත්තම
එකම රස බඩගින්න
දවසකට මැඩගන්න.

2020/05/23

දවසේ සෞඛය පැනය

ඔබට උණද?

Microbiology (MIcrobiology) Flashcards | Memorang
මී උණ උත්සන්න වූ රෝගියෙක්

ඔබට ඇත්තේ ඩෙංගු උණ හෝ මී උණ විය හැක.


කලට වේලාවට ප්‍රතිකාර නොලැබීමෙන් මාරාන්තික සංකූලතා ඇතිවීමේ අවධානමක් ඇත.


නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න !

2020/05/22

හිත බැන්දූ ඡායා

දුකට කියැවෙන කවි

Image may contain: food, text that says "දුකට කියැවෙන කවි 17/11/19 එකම රට මේ උතුරු දකුණේ දුක එකම රස නොවෙදෝ එකම ඒ දුක අපිත් වින්දේ චීන්ද මදි ඇැයි හිතුනදෝ එකම එකම සතුරෙකි අපිට වූයේ ඔබට ඔබට වරුවෙක් උනාදෝ එකම රට අද දෙකට බෙදීලා කුමන වරදක් නිසාදෝ උතුරෙ එහෙමයි කියනකොට අපි දකුණ දැනටම වෙන්වෙලා දකුණෙ මෙහෙමයි කියනකොට ඔබ උතුර දැනටම වෙන්වෙලා තද රතෙන් මොන පොතේ තිබ්බත් එකම රට ලෙස ලෙස ලියවිලා වැඩක් නෑ අප-ඔබේ දරුවන් හිතින් තදටම වෙන්වෙලා ලසිත"

ජාතික සෙල්ලම

අපේ මිනිස්සුන්ගෙ ජාතික සෙල්ලම තමයි තරාදි සෙල්ලම.
කරල තියෙනවද?

එක පැත්තකට දානව කාගෙ හරි වැරදි.
අනෙක් පැත්තට දානව එයාලා කැමති කෙනාගෙ වැරදි.
ඊට පස්සෙ කට ඇරගෙන බලාගෙන ඉන්නව.
එයාලා කැමති කෙනාගෙ බර අඩු නම් ජොලි.
හදිසියෙ හරි වැඩි උණොත් අවුල්.
එතකොට මතක් කරල කරල අනෙක් පැත්තට තව වැරැද්දක් හොයල දානව.
එයාලා කැමති කෙනා උඩ යනකම්ම ඕක කර කර පැද්දෙන තරාදිය දිහා බලාගෙන ඉන්නව.

ඒක හරිම ආතල්!
කරල නැත්තං කරල බලන්න!
කරේ නැතත් බලාගෙන ඉන්න එක උනත් වෙනම ආතල් එකක්!

ශිෂ්‍ය විප්ලව.

පාලකයින් විසින් ශිෂ් ‍ යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය. එසේම, ජ් ‍ යේෂ්ට ශිෂ් ‍ යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ් ‍ යයන්ගේ නිදහස් චින...