2020/05/22

ඔබේ දරුවාට සීගිරිය, මහා ස්ථූප ආදිය පෙන්වන්න. අපේ මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ට බව කියා දෙන්න.
ඒ වගේම ඔබේ දරුවාට ගීසා හි පිරමීඩ, චීන මහා ප්‍රාකාරය, ටජ් මහල ආදී දේවල්ද පෙන්වන්න. ඒ ඒ ශිෂ්ටාචාරවල ශ්‍රේෂ්ටත්වයත් කියා දෙන්න.
ශ්‍රේෂ්ට පුද්ගලයන් ඉතිහාසය පුරා, ලෝකයේ සෑම තැනකම සිටි බව කියාදෙන්න.
ඔවුන්ට එකසේ ගරු කරන්නට කියා දෙන්න.
ශ්‍රේෂ්ටත්වය උපතින්, ජාතියෙන්, ආගමෙන් නොලැබෙන බව කියා දෙන්න.
ශ්‍රේෂ්ට පුද්ගලයෙක් වෙන්නේ වැඩ කිරීමෙන් මිස පුරසාරම් දෙඩීමෙන් නොවන බව කියා දෙන්න.

ශිෂ්‍ය විප්ලව.

පාලකයින් විසින් ශිෂ් ‍ යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය. එසේම, ජ් ‍ යේෂ්ට ශිෂ් ‍ යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ් ‍ යයන්ගේ නිදහස් චින...