කොරෝනා එක්ක ජීවත්වීම කිව්වම ගොඩක් අයට ඒක තේරෙන්නෙ, කොරෝනා ඔහේ තියෙනව, අපි උන්නත් මළත් කමක් නෑ කියල හිටපු විදිහට ඉන්නව කියල.
නෑ ඒක එහෙම නෙවෙයි!
ශරීර කෘත්‍යය කලාට පස්සේ සබන් දාලා අත හෝදන්නේ ඇයි? කන්න කලින් අත් සබන් දාලා හෝදන්නේ ඇයි? වතුර උණු කරල නිවල බොන්නෙ ඇයි. අපේ මුතුන් මිත්තෝ එහෙම කලේ නෑනෙ?
පැහැදිලිවම මේ පුරුදු එන්න ඇත්තේ, පාචනය, කොළරාව වගේ ඒ කාලෙ තිබ්බ වසංගත වලින් බේරෙන්න. මොකද මිනිස්සු හොයාගත්තා මේවා බෝ වෙන්න මළපහ වල තියෙන විශබීජ කටින් ශරීරයට ඇතුලු උනහම කියල.ඒ පුරුදු අපි දැනුම් තේරුම් තියෙන පොඩි කාලෙ ඉඳං මැරෙනකම්ම පිළිපදිනව.
මළපහ කරාට පස්සෙ අත් හෝදන්න ඕනෙ කියල වැසිකිළිවල බෝඩ් ගහන්න හරි, සිකියුරිටි කෙනෙක් තියල එළියට එනකොට අත හේදුවද අහන්න හරි ඕනෙ නෑනෙ. අන්න ඒක තමයි පාචනය/ කොළරාව තියෙන ලෝකෙ අපි ජීවත් වෙන විදිහ.
කොරෝනා එක්ක ජීවත් වෙන එකත් ඒ වගේ තමයි.
ඈතින් ඉන්න එක (සමාජ දුරස්ථභාවය), නිතර නිතර අත් හෝදන එක, මුව ආවරණ දාන එක වගේ අලුත් පුරුදු නැතුව අපිට කොරෝනා එක්ක එකට ජීවත් වෙන්න බෑ. ඒවා අපි පුරුදු වෙන්න ඕනෙ. පුරුදු කරවන්න ඕනෙ.
සමහරවිට, ඔව් සමහරවිට, අපි මැරෙනකන්ම මේ විදිහට ජීවත් වෙන්න වෙයි. කවුද දන්නේ!
අවබෝධකරගමු. වෙනස් වෙමු !
