අපි දැන් ජීවත් වෙන්නෙත් ඒ වගේ යුද්ධෙක. හැබැයි ඊතල වෙනුවට අපිට එන්නෙ කොරෝනා.
පළිහවල් අරගෙන, හිස් ආවරණ දාගෙන, ආරක්ෂක ඇඳුම් ඇඳගෙන යනකොට අපිට ඊතලයක් වදින්න තියෙන සම්භාවිතාවය ඔය මොකුත් නැති කෙනෙක්ට වඩා අඩුයි. හැබැයි නරක වෙලාවට උඩ බැලුනොත් මොනා දාගෙන හිටියත් ඔලුවම හිල් වෙලා යන්නත් පුලුවන්.
කොරෝනා එක්ක සටනත් ඒ වගේමයි. අපි ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරනකං අපිට හැදෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. 100% ආරක්ෂා වෙනව කියල සහතික වෙන්න බෑ. නමුත් එහෙම කියල මොකුත් නැතුව ගියොත් මුලු හමුදාවම බලකොටුව ළඟට යන්න කලින් සුනේ සුන්!
යුද්දෙ දිනන්න නම් ගොඩ දෙනෙක් ආරක්ෂිතව ඊතල නොවැදී ගිහින් බලකොටුව අල්ලගන්න ඕනෙ.
පරිස්සමෙන් යමු ඉස්සරහට.
