2020/05/22

කොරෝනා කවිය

දහසක් දෙනා මුලු ලොව දැන් මියයන්නේ
ඒ බැව් තොපෙ ඇහැට ඇයි මේ නොපෙනෙන්නේ?
ගෙදර ඉන්න කියුවම පාරෙම ඉන්නේ
එක මොල ගෙඩිය කුණු වීලද තොපේ අනේ?

මුත්තා සිංහයෙක් වූවත් කමක් නැතී
ලේ රාවණාගෙන් වූවත් කමක් නැතී
යකෙක් උණත් මොකෙක් උණත් කමක් නැතී
ගෙදරට වෙලා හිටියොත් හොඳටෝම ඇතී

උලත් එකයි පිලත් එකයි නම් තොපිට
මළත් එකයි නැතත් එකයි නම් තොපිට
කොරෝනා මේ මුලු රටටම බෝ නොකොට
වලක් කපාගෙන විගහට වැලලෙන්ට

විදේසයෙන් ආවා නම් අපෙ රටට
ඒ බැව් බලධරයෙකුට විගසින් පවසන්ට
නිරෝධායනය වී සුවපත් වෙන්ට
ඔබේ ළබැඳියන් රෝගෙන් බේරන්ට

ඔබ අපි හැමෝගෙම යහපත ගැන හිතලා
උපදෙස් පිලිපදිමු මේ මොහොතේ ඉඳලා
සැර වචනයෙන් ලිවුවට කවි පද ගොතලා
කිව්වොත් වඳින්නම් අත් දෙක එක් කරලා

ශිෂ්‍ය විප්ලව.

පාලකයින් විසින් ශිෂ් ‍ යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය. එසේම, ජ් ‍ යේෂ්ට ශිෂ් ‍ යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ් ‍ යයන්ගේ නිදහස් චින...