2020/05/20

යුද්ධය පැවතුණේ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර මිස, දමිළ මිනිසුන් හා සිංහල මිනිසුන් අතර නොවන බව උතුරේ සිටින ඔබේ දරුවන්ටත්, දකුණේ සිටින අපේ දරුවන්ටත් අද, අනිවාර්යයෙන්ම කියලා දෙන්න.
Image may contain: one or more people and sky
  

සිංහල අපේ දරුවන් දමිළ ඔබේ දරුවන්ට ද, දමිළ ඔබේ දරුවන් සිංහල අපේ දරුවන්ටද ආදරය කළ යුතු බව කියලා දෙන්න. අපි හැමෝම ඥාතීන් බව කියලා දෙන්න.



ඔබ, අප අත්දුටු යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස ඔබේත් මගේත් හිත් කොනක හිර වෙලා තියෙන කඳුලු, ද්වේශය, අමිහිරි මතකයන් අපේ පරම්පරාවෙන් ඔබ්බට, අපේ දරුවන්ගේ හිත් තුලට නොයන ලෙස වගබලාගන්න.

දරුවන්ගේ හිත්තුල ආදරය විතරක්ම වපුරන්න, කෙදිනක හෝ සාමයම විතරක් පල දරන්න.

සිංහල, දමිල හෝ මුස්ලිම් විතරක් නෙමෙයි, අඩු තරමේ ශ්‍රී ලාංකික කියලවත් ලේබලයක් නැති මේ අනන්ත විශ්වයේ වැලි කැටයකටත් වඩා පුංචි මේ මිහිතලයේ වෙසෙන, ජීවී, අජීවී හැම දෙයකටම, මුලු විශ්වයටම ආදරය කරන මිනිසෙක් ලෙස ඔබේ දරුවාව ලොකු මහත් කරන්න.

ශිෂ්‍ය විප්ලව.

පාලකයින් විසින් ශිෂ් ‍ යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය. එසේම, ජ් ‍ යේෂ්ට ශිෂ් ‍ යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ් ‍ යයන්ගේ නිදහස් චින...